27.6 C
Colombo
2026-10-26
mediahumanrights.lk
BusinessBusiness NewsNews

2025 ජාත්‍යන්තර රූප සුන්දරිය කැටලිනා ඩුකේ කොළඹ Lakarcade ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ සංචාරයක

වත්මන් ජාත්‍යන්තර රූප සුන්දරිය (Miss International 2025) වන කැටලිනා ඩුකේ (Catalina Duque) මහත්මිය, ජාත්‍යන්තර රූපසුන්දරී තරඟාවලියේ විධායක අධ්‍යක්ෂ ස්ටීවන් ඩියාස් (Stephen Diaz) මහතා සමඟ කොළඹ ස්ටේපල්ස් වීදියේ පිහිටි ‘Lakarcade’ ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත වූවාය.

එහිදී Lakarcade කළමනාකාර අධ්‍යක්ෂ/අග්‍රමාත්‍ය විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතා විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

RT International Group Ltd විසින් සංවිධානය කරනු ලබන ‘Miss International Sri Lanka 2026’ අවසාන මහා තරඟයට සහභාගී වීම සඳහා කැටලිනා ඩුකේ සහ ස්ටීවන් ඩියාස් යන මහත්ම මහත්මීහු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාරක සහ දේශීය නිර්මාණ අලෙවිසැලක් වන Lakarcade හි සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය, දේශීය කලාත්මක කුසලතාවන් සහ සාම්ප්‍රදායික හස්ත කර්මාන්තයන්හි විශිෂ්ටත්වය නිරීක්ෂණය කිරීමට කැටලිනා ඩුකේ මහත්මියට අවස්ථාව හිමිවිය.

මෙහිදී අදහස් දැක්වූ Lakarcade කළමනාකාරිත්වයේ නියෝජිතයන් සඳහන් කළේ ජාත්‍යන්තර රූප රාජිනියකට සතුටින් සත්කාරකත්වය දැක්වීමට ලැබීමත්, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත සහ සංස්කෘතික උරුමය ජාත්‍යන්තර තලයට ගෙන යාමට හැකිවීමත් පිළිබඳව තමන් බෙහෙවින් ආඩම්බර වන බවයි.

Lakarcade හි ප්‍රර්ශනයට තබා ඇති ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත, සාම්ප්‍රදායික වෙස්මුහුණු සහ දේශීය ස්මාරක එකතුව නිරීක්ෂණය කළ ඩුකේ මහත්මිය, සිය ශ්‍රී ලංකා සංචාරයේ මතක සටහන් ලෙස එම නිර්මාණ කිහිපයක්ම ලබා ගැනීමටද පියවර ගත්තාය.

Related posts

දුලාජ්ගේ තෝරා ගැනීම හරි ගිහින්

Shiran Viraj

පාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..

Shiran Viraj

ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »