mediahumanrights.lk
News Political

ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනා​ධිපතිවරයා එහි සිටින නිසා ඒ අවට නිවාස නිතරම ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම සිදුවන සිදුවන බවත් එය ජනතාවට හිරිහැරයක් බවත් එහි අවට කුඩා කුඩා ව්‍යාපාර වලට පවා විශාල බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

ජනාධිපති නිල නිවාස රට පුරා පිහිටා ඇතත් ජනාධිපතිවරයා ඒවාට එක් දිනක් හෝ ගොස් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ඇවිත්

Shiran Viraj

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

Shiran Viraj

පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ

Shiran Viraj