mediahumanrights.lk
NewsPolitical

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

කොරෝනා ආසාදතයන් සඳහා භාවිතා කිරීමට බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් ඒ සඳහා තමන් දන්නා තරමින් අනුමැතියක් ලබා දී නැතැයි ද ඇය පැවසුවාය.

කොරෝනා සඳහා ගෙන යන ඕනෑම ඖෂධයක් සඳහා එම ආයතන දෙකේම අනුමැතිය අවශ්‍ය බවද පැවසූ ඇය තවම මෙතෙක් එවන් අනුමැතියක් ලැබී නැති බවද කියා සිටියාය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙම ඖෂධය මෙරටට ආනයනය කිරීම සඳහා කොරෝනා මර්ධන තාක්ෂණ කමිටු අනුමැතිය ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇමතිනිය මෙම අදහස් පළ කළා ය.

Related posts

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Shiran Viraj

O/L ප‍්‍රතිඵල නිකුත් වේ…

Shiran Viraj

ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..

Shiran Viraj
Translate »