28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

මහවැලි ගග පිටාර ගලයි….

මධ්‍යම කදුකරයට  (12) දින උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 සහ නාවලපිටිය රෝහල පාර මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටි වෙලදසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට විම නිසා ව්‍යාපාරිකයන්ද දැඩි අසිරුතාවයට පත්විය.

තවද නාවලපිටය ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය  වලපිටිය සහ වැලිගම්පල  ප්‍රදේශයේ නිවාස රැසක් සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…

Shiran Viraj

ලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමති

Shiran Viraj

දැන් ඔබත් අසතුටෙන්ද..ඔබටත් විශාදය දැයි සැකහැර දැනගන්න

Shiran Viraj
Translate »