2026-09-05
mediahumanrights.lk
Local NewsNews

එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථයක්, කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම මාවත – මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථයක්, කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, කොළඹ 15 – බ්ලුමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02 ක් වශයෙන් අද දිනය පුරා රථ 10 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදේ.

– army midea

Related posts

දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි

Shiran Viraj

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයි

Shiran Viraj

බියර් මිල අඩු කිරීම නිසා බීමතින් රිය ධාවනය ඉහලට..

Shiran Viraj
Translate »