29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තම නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත මෙම පෙත්සමට අදාළ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. 

තම ජනතාව , වසර සිය දහස් ගණනක් තිස්සේ පරිහරණය කරමින් ජීවනෝපාය මාර්ග සකසා ගත් වනාන්තර වලින් අක්කර පන් දහසකට අධික ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පවරා ගෙන මහ පරිමාණයෙන් බඩඉරිඟු වගා කිරීමට ලබාදීම මගින් සිය ජීවනෝපායමාර්ග අහිමි වන බවත්, ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ.

noizetv

Related posts

ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලු

Shiran Viraj

කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…

Shiran Viraj

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Shiran Viraj
Translate »