mediahumanrights.lk
Local NewsNews

පාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…

මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

පසුගිය 25 වනදා මුල්ලියාවලෙයි විද්‍යානන්ද විදුහල් ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුත්තක් කරමින් සිටි ඉංජිනේරුවරුන්ට පළමුව කාලතුවක්කු උණ්ඩ කිහිපයක් හමුවීමෙන් පසුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොයාගන්නා ලදි.

අනතුරුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් කැනීම් නියෝගයකට අනුව ඊයේ (28) සවස යුදහමුදාවේ 592 බලසේනාවේ 09 වන ඉංජිනේරු බලකායේ සහයෙන් මුල්ලියාවලෙයි පොලීසියද එක්ව කාලතුවක්කු උණ්ඩ හමු වූ ස්ථානයේ බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වැඩි දුර කැනීම් සිදු කිරීමේදී මෙලස කාලතුවක්කු උණ්ඩ විශාල ප්‍රමාණයක් හමු වී ඇත.

එහිදී මිලිමීටර් 122 වර් ගයේ කාලතුවක්කු උණ්ඩ 36 ක්, 152 වර් ගයේ කාලතුවක්කු උණ්ඩ 49 ක්, මිලිමීටර් 152 වර් ගයේ භාවිතා කල නොහැකි කාලතුවක්කු උණ්ඩ කොපු 110 ක්, ෆියුස් 10 ක්, මිලිමීටර් 122 වර් ගයේ කාට්‍රිජස් 29 ක් මෙලෙස වලදමා තිබියදී සොයා ගන්නා ලදි.

යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂාව සඳහා පාසල් යොදා ගනිමින් පාසල් ආසන්නයේ සිට ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල කොට ඇති අතර එලෙස මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ සිට අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල ස්ථානයක් හා කාලතුවක්කු ගබඩා කල ස්ථානයක් වශයෙන් තිබියදී ආරක්ෂක අංශ ලඟා වන විට මෙම උණ්ඩ වලදමා පලා ගොස් ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

සොයාගත් කාලතුවක්කු උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද වැඩිදුර පරික්ෂණ සිදු කරන මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Shiran Viraj

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායි

Shiran Viraj

ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයි

Shiran Viraj
Translate »