25.4 C
Colombo
2026-08-03
mediahumanrights.lk
International NewsNews

කොරෝනා වෛරසයෙන් ‍ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ(02) දිනය අවසන් වන විට පුද්ගල මරණ 52,982ක් සහ ආසාදිතයින් දස ලක්ෂ 14,296 ලෙස සටහන් වෙයි.

ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 5790 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙන්.

ප්‍රංශයේ සාත්තු නිවාසවල සිදුවූ මරණ 884ක් සමඟින් පුද්ගලයන් 1355 දෙනෙකු ගත වු දිනයේ දී මියගොස් තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් දිනපතා වාර්තා වන අමෙරිකාවේ ඊයේ 29,000කට අධික පිරිසක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 781 දෙනෙකු මියගොස් තිබේ.

ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකු ද ඉතාලියේ පුද්ගයන් 760 දෙනෙකු ද බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් 569 දෙනෙකු ද ඊයේ දිනයේ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ජර්මනිය, ඉරානය, බෙල්ජියම, නෙදර්ලන්තය, යන රටවල පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් ගත වූ පැය 24 තුළ මියගොස් තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Shiran Viraj

අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..

Shiran Viraj

පාම් ඔයිල් මිල ඉහළ යෑම සහ හිඟය නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයක

Shiran Viraj
Translate »