28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකු හා පවුලේ සියළු දෙනාට කොරෝනා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා හදුන්වා දුන් ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද තහවුරු කරයි.

මන්ත්‍රීවරයාද සඳහන් කර ඇත්තේ එම කොරෝනා ඖෂධය නිවැරැදි මාත්‍රාවට තමන් සහ පවුලේ සියලු දෙනා භාවිතා කළ බවයි.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙසීයක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.

Related posts

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

Shiran Viraj

කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි – මහල් නිවාසවලටත් අළුත් නීති

Shiran Viraj

ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂ

Shiran Viraj
Translate »