2026-09-07
mediahumanrights.lk
NewsPolitical

රන්ජන් නැවතූ තැනින් සජිත් අරඹයි.. දුරනකතන ඇමතුම් සෙල්ලම ප‍්‍රසිද්ධියේ..

පුද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙතෙක් ලාබ නොදීම ගැන ඔවුහු එහිදී සාකච්චා කලහ.

එම සාකච්චාවේදී විපක්‍ෂ නායකයා තම ජංගම දුරකථනයෙන් අදාල බලධාරීන් අමතමින් එම සංවාදය ප‍්‍රසිද්ධියේ ඇසෙන්න සැලැස්වීය.

හමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය සේවා සිය අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා ඒ අකාරයෙන් සජීවීව සම්බන්ධ කරමින් පේ‍්‍රමදාස මහතා එම ගැටලුව ඉදිරිපත් කළේය.

ඔවුන් එහිදී සඳහන් කරන ලද්දේ දින කිහිපයක් තුළ උපකාරක පන්ති ආරම්භ කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන බවයි.

සජීවී සාකච්ඡාවලදී මීට පෙර දුරකථන ඇමතුම් ලබාගැනීමට ප්‍රසිද්ධ වී සිටියේ රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා වන අතර එම ඇමතුම් ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැඩි විරෝධය එල්ල කරන ලදී.

Related posts

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Shiran Viraj

‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න

Shiran Viraj

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Shiran Viraj
Translate »