29.5 C
Colombo
2026-10-01
mediahumanrights.lk
International NewsNews

පකිස්තානයේ ප්‍රංශ තානාපතිවරයා නෙරපන්නැයි අඛණ්ඩව බලපෑම්

ප්‍රංශ තානාපතිවරයා පෙබරවාරි මස 17 වනදා වන විට අනිවාර්යයෙන්ම නෙරපාහැරිය යුතු බවට පකිස්තානයේ ක්‍රියාත්මක  ප්‍රබල ආගමික සංවිධානයක් වන තරෙක් ඊ⁣ ලබායික් හෙවත් ටීඑල්පී සංවිධානය එරට රජයට යළි බලපැම් කර තිබේ.

ප්‍රංශ ජනාධිපතිවරයා ඉස්ලාම් දහමට අපහාස කළ බව සදහන් කරමින් මෙම සංවිධානය ප්‍රංශයට එරෙහිව පකිස්තානය තුළ පසුගිය මාස කිහිපය තුළ දැඩි  විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියේය.

එහිදී ඔවුන්ගේ ඉල්ලීම්  වූයේ ප්‍රංශයේ පකිස්තාන තානාපතිවරයා යළි සියරට කැදවීමත්,  අත්අඩංගුවට ගෙන සිටින  පීඑල්ඒ සාමාජිකයන් නිදහස් කිරීමත් ,ප්‍රංශයේ පකිස්තාන තානාපතිවරයා නෙරපා හැරීමත්ය.

අදාළ උද්ඝෝෂණ අවසන් වූයේ ඉල්ලීම් මාස තුනක් තුළදී ඉටුකරන බවට පකිස්තාන රජය ලබාදුන් පොරොන්දුවක් අනුවය.

 මුල් ඉල්ලීම් දෙක ඉටුවී ඇතත් ප්‍රංශ තානාපතිවරයා තවමත් පකිස්තානය තුළ රාජකාරි කටයුතුවල නිරතවන බැවින් පො⁣රොන්දු වූ පරිදි ඔහු නෙරපා හැරීමද සිදුවිය යුතු බව  ටීඑල්පී සංවිධානය පකිස්තාන රජයට සිහිපත් කර ඇත.

එම පොරොන්දුවද ඉටු නොවුණහොත් එය ඉටුකරවා ගැනීම සදහා මියයාමට පවා සුදානම් බව ටීඑල්පී සංවිධානයේ නව නායක මවුලානා රිස්වි සදහන් කොට තිබේ.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයි

Shiran Viraj

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Shiran Viraj
Translate »