2026-07-08
mediahumanrights.lk
International NewsNews

ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයි

 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම හේතුකොට ගෙන එරට බල කේන්ද්‍රස්ථානය වන කොංග‍්‍රස් මණ්ඩලය තුළ අර්බුධ හටගෙන තිබෙනවා. ඒ, කොංග‍්‍රස් මණ්ඩලයේ සෙනට් සභාව නියෝජනය කරන පාලක පක්ෂයේ රිපබ්ලිකන් මන්තී‍්‍රවරුන් දෙපිළ බෙදීම හේතුවෙන්.

මෙම තත්ත්වය උද්ගත වූයේ කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ රිපබ්ලිකන් මන්තී‍්‍රවරුන් 10 දෙනෙකු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට පක්ෂව සිය ඡුන්දය ප‍්‍රකාශ කිරීමත් සමගයි. 

ඒ අනුව නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ තුන්වන ශ්‍රේණියේ රිපබ්ලිකන් පාක්ෂිකාවක් වන ලිස් චෙනී හට සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වෙමින් ඇතැයි සඳහන්. ඒ, ඇය ද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීම හේතුවෙන්. කෙසේවෙතත්, බලපෑම් හමුවේ ඇය ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කළා.

කොංග‍්‍රස් සාමාජිකා ලිස් චෙනී පැවසුවේ ජනාධිපතිවරයාට එරෙහිවීම හෘදසාක්ෂියට එකගව ලබාදුන් ඡුන්දයක් බවයි. කෙසේවෙතත්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ලබන 20 වනදායින් පසුව සෙනට් මණ්ඩලයේදී විවාදයට ගැනෙනු ඇති. 

Related posts

ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්

Shiran Viraj

සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…

Shiran Viraj

'ගෝඨා' ගේ අලුත් සංවිධානයේ අරමුණ හෙළිවේ

Shiran Viraj
Translate »