27.8 C
Colombo
2026-08-19
mediahumanrights.lk
NewsSportsSports News

එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයි

එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී කී‍්‍රඩා කළ විලාශය තමන් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් පවසනවා.

තරගයෙන් අනතුරුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා ඉනිම පුරා ශ‍්‍රී ලංකා පිතිකරුවන් අනවශ්‍ය පහර එල්ල කිරීමට ගොස් දැවී ගිය බවයි. සියලූ පිතිකරුවන් වරද භාරගත යුතු බවත්, දසුන් ශානක පමණක් අවාසනාවන්ත දැවීයාමකට මුහුණ දුන් බවයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් පැවසුවේ. 

මේ අතර සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනය නිමාවන විට පළමු ඉනිම කී‍්‍රඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියා. ඒ, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 135 ට පිළිතුරු වශයෙන්.

නායක ජෝ රූට්, ලකුණු 66 ක් සහ ජොනී බෙයාස්ටො, ලකුණු 47 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙනවා. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 55 කට කඩුළු 02 ක් දවා ගත්තා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි.

Related posts

මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටු

Shiran Viraj

ඉන්ධන මිල සංශෝධනයක්..

Shiran Viraj

වරාය ආසන්නයේ ගින්නක්..

Shiran Viraj
Translate »