29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

අධිකරණ විනිසුරුවරයෙක් රොට්ටුකුලම රක්‍ෂිතය වනසයි…

අම්පාර දිස්ත‍්‍රික්කයේ අධිකරණයක වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු ජනතාව මේ පිළිබඳව උවහන්සේව දැනුවත් කර ඇත.

වසර ගණනාවක් පැරණි වෘක්ෂයන්ගේ මුල පොත්ත සුද්ධ කිරීමෙන් විශාල ප්‍රමාණයේ ශාක ගණනාවක් මරා දැමීමට කටයුතු කර ඇති ආකාරයක් මෙහිදී නිරීක්ෂණය වී ඇත.

එලෙස විනාශ කරන රක්ෂිත ප්‍රදේශ සඳහා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර නිකුත් කිරීමට පවා ක්‍රියා කර ඇති බව මෙහිදී හෙළිවිය.

පොතුවිල් ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල තැනැත්තෙකු විසින් මෙලෙස බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කල බවත් එම ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඥානසාර හිමිට පැමිණිලි කළහ.

බලධාරීන් සමග සාකච්ඡා කර සිදුවෙන විනාශය නැවත්වීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඥානසාර හිමියෝ පැවසුහ.

Related posts

මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසර

Shiran Viraj

පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..

Shiran Viraj
Translate »