mediahumanrights.lk
Local NewsNews

නුගේගොඩ සීනි වෙළඳ සැල සම්බන්ධයෙන් පැතිර යන පුවත් අසත්‍ය බවට ලංකා සීනි සමාගමෙන් නිවේදනයක්

ලංකා සීනි (පෞද්ගලික) සමාගමට අයත් නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව එම සමාගම නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. පසුගිය දින කිහිපය තුළ එම වෙළඳ සැල වසා තැබීමට හේතු වූ සැබෑ කරුණු පැහැදිලි කරමින් සමාගම පෙන්වා දෙන්නේ, 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා දින එහි සේවයේ නියුතු විකුණුම් සේවකයා අසනීප වීම හේතුවෙන් පමණක් වෙළඳ සැල තාවකාලිකව වසා තැබීමට සිදු වූ බවයි. එමෙන්ම 2026 පෙබරවාරි 01 වන ඉරිදා දින පෝය දිනය බැවින්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වෙළඳ සැල වසා තැබූ බව ද එහි සඳහන් වේ.

මෙම සිදුවීම්වලට පරිබාහිරව විවිධ අර්ථකථන ලබා දෙමින් පතුරුවා හරින ප්‍රකාශයන් මහජනතාව නොමඟ යවන සුළු බවත්, මේ වන විට නුගේගොඩ සිල්ලර වෙළඳ සැල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවත් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි. ඒ අනුව සතියේ දිනවල සහ සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වාත්, ඉරිදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වාත් වෙළඳ සැල විවෘතව පවතිනු ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින මහා භාණ්ඩාගාරයට පූර්ණ වශයෙන් අයත් ආයතනයක් ලෙස පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවයක් සැපයීමට තමන් කැපවී සිටින බව ලංකා සීනි සමාගම පවසයි.

නිල නොවන මූලාශ්‍ර මගින් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, සමාගම විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙසත් එම සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

Shiran Viraj

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් අතර ගැටුමක් – කොස්තාපල්වරයෙකුට පිහි ප්‍රහාරයක්

Shiran Viraj

CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..

Shiran Viraj
Translate »