26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක් බවත් මේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේද පැවති යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්තියම බව ද ඔහු සඳහන් කළේ ය.

අද ආණ්ඩුව ද සිදු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීම පමණක් යැයිද ඔහු තවදුරටත් පැවසීය.

Related posts

IPL පිටියට අලුත් විනිසුරුවරයෙක් හඳුන්වා දෙයි

Shiran Viraj

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Shiran Viraj
Translate »