26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් සමග එක්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

අද ලෝකයේ රටවල් 184 ම කොරෝනා මෘත දේහයන් භූමදානය කරද්දි ශ්‍රී ලංකාවේ පමණක් ආදාහනය කරන්නේ මුස්ලිම් ජාතිකයන් සමග ඇති වෛරයක් හේතුවෙන් යයිද ඔහු සඳහන් කළේ ය.

එනිසා තම ජාතිකයන්ට සාධාරණයක් ඉටු කර දීමට අධිකරණ අමාත්‍යවරයාට නොහැකි නම් විපක්ෂය සමග එක්වන්නැයි ආරාධනා කරන බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා මෘත දේහයන් ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

lankacnews

Related posts

සමයංගේ බිරිය ගීත වීඩියෝවක් මුදාහරියි !

Shiran Viraj

උත්සව සමයේ අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනයට විශේෂ වැඩපිළිවෙලක්

Shiran Viraj

දේශබන්දුට මං විරුද්ද වුනා..

Shiran Viraj
Translate »