26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 649ක් වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සඳහන් කර සිටිනවා.

අද වාර්තා වූ ආසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට අයත් 451ක්, බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 197 දෙනෙකු සහ ඊට අමතරව විදේශගතව සිට පැමිණි අයෙකු ද ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

අද දිනය වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 27,877ක් වාර්තා වී තිබෙන අතර ඉන් සුවය ලද සංඛ්‍යාව 20,460ක් වනවා . රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,280ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,322ක් වනවා.

newswire

Related posts

ඩෙංගු නසන අලුත් මදුරුවා වැඩ අරඹයි

Shiran Viraj

වෙනිසියුලානු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි

Shiran Viraj

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

Shiran Viraj
Translate »