28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයි

ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම පසුගියදා ඉතාමත් සාර්ථකව සිදුවුණා. ඒ හදිසි අනතුරක් නිසා මොළය මියගිය ප්‍රදීප් කුමාර නම් තරුණයාගේ හදවත තවත් කාන්තාවකට ලබාදීමෙන් කළ සැත්කමයි.
තවත් එවැනිම පුවතක් බිබිල ප්‍ර දේශයෙන් වාර්තා වුණා.
බිබිල දැවකැටිය ගම්මානයේ පදිංචිව සිටි 19 හැවිරිදි කේ.වයි. ලක්ෂාන් ප්‍රමෝද් නම් තරුණයෙකුයි මෙලෙස මියගොස් තිබුණේ.
හදිසි අනතුරකින් බරපතල තුවාල ලැබූ ලක්ෂාන් අම්පාර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ මොළය මියගොස් ඇති බව වෛද්‍යවරුන් දෙමාපියන්ට දන්වා තිබුණා. පසුව ඔහුගේ වකුගඩු දෙකම පරිත්‍යාග කිරීමට ඔහුගේ දෙමාපියන් කටයුතු කර තිබුණා.
වකුගඩු අක්‍රීයව රෝහල් ගත කර සිටි කිලිනොච්චියේ දමිල කාන්තාවකට සහ කුරුණෑගල තරුණයෙකුට මෙම තරුණයාගේ වකුගඩු දෙක සාර්ථකව බද්ධ කර තිබෙනවා.
අම්පාර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයාගේ මොලය මියගොස් ඇති බවත් කෘතීම සුවසන පද්ධතිය රෝගියාගෙන් ගලවා ඉවත් කළ පසු මුලු ශරීරයම මිය යන බව වෛද්‍යවරුන් තරුණයාගේ දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව තම දරුවා සුව කිරීමට නොහැකි බව දැනගත් දෙමාපියන් දරුවාගේ වකුගඩු දෙක ගලවා දන්දීමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.
මියගිය එම තරුණයාගේ පියා වන වයි.කේ සරත් ඉන්ද්‍රපාල මහතා පවසන්නේ මෙවැන්නක්.
මට දරුවන් පස්දෙනෙක් ඉන්නවා අනතුරට ලක්වුනේ බාලම පුතා යතුරු පැදියක ගිය පුතා ත්‍රිවිලර් රථයක එකිනෙකට ගැටීමෙන් අනතුරට ලක්වුනා.බිබිල,බදුල්ල යන රෝහල් වලදී ප්‍රතිකාර ලබා අම්පාර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන් මගේ දරුවාගේ මොලය මියගොස් ඇති බවත් කෘතීම සුවසන පද්ධතිය රෝගියාගෙන් ගලවා ඉවත් කළ පසු මිය යන බවත් පැවසිමෙන් අනතුරුව මමත් බිරිදත් පවුලේ අයත් එක්ව මියයන දරුවාගේ වකුගඩු දන්දුන්නා මගේ දරුවා මියගියත් දරුවාගේ වකුගඩු දෙකින් දෙන්නෙක් ජීවත් වීමත් අපිට සතුටක්….‘‘
මිය ගිය තරුණයාගේ මව එල්.එච් කුමුදුනි මෙසේ කීය.
මගේ පුතා මිය ගියත් එයා ලොකු පිනක් කරගත්තා.පුතාගේ තුන්මාසේ දානයට පුතාගේ වකුගඩු දෙකින් ජීවත් වන දෙදෙනා මට දැකගන්න ඕනී. ඒක මගේ ප්‍රාර්ථනාවක් ..
(under the courtesy of adaderana news web)

Related posts

මධුසමය අතරතුර මැයි දින සැමරුමට ආ අලුත් මනමාලයා

Shiran Viraj

රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්

Shiran Viraj

මුස්ලිම් නොවන අයෙකු හා විවාහ වීමට ටියුනීසියාවේ නීති වෙනස්වෙයි

Shiran Viraj
Translate »