29.4 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයි

2004 වර්ෂයේදී වයස අවුරුදු 05ක් ව තිබියදී සුනාමියෙන් ව්‍යයසනයෙන් අතුරුදහන්වු අක්‍රම් රිස්කාන් නම් තරුණයෙකු සිය නියම දෙමව්පියන් සොයා ඒමේ පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම තරුණයා දැන් 21 වන වියේ පසුවනවා.

කාර්තිව් ප්‍රාදේශීය ලේකම් පරිපාලනයේ ඇති මාලිහයිකාඩු නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටින අබුසාලි සිත්ති කමාලියා යන අක්‍රම් රිස්කාන් ගේ මව අෂ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වෙනිදා ඇතිවූ සුනාමි රළ පහරෙන් සිය 05 හැවිරිදි පුතුණුවන් අතුරුදහන් වූ බව කියා සිටියා.

සිය පුතුණුවන් රෝහලේ සිටින බවට සුනාමි ව්‍යවසනයෙන් දින තුනකට පසුව තමන්ගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා පැවසූ බවත් තමන් එහි ගොස් බලන විට ඔහු එහි නොසිටි බවයි අබුසාලි සිත්ති කමාලියා ප්‍රකාශ කළේ.

” මට කවුරුන් හරි මුණ ගැහුණම දරුවාගේ ජායාරූපයක් පෙන්වලා අහනවා මගේ පුතාව දැක්කද කියලා. නමුත් අද මේ සිද්ධිය වෙලා වසර 16 කට පස්සේ මගේ පුතා මාව හොයා ගෙන ඇවිල්ලා තියෙනවා. මම ඒ ගැන සතුටුයි. මම මගේ පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණය ඉක්මවා උත්සහ දැරුවා” යැයි මෙම මව කියා සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

Shiran Viraj

එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

Shiran Viraj

නීතිවිරෝධි වැලි කැනීම් වලට එරෙහිව දැඩි පියවර

Shiran Viraj
Translate »