28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

පාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..

දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පෑමට සිදුවුනු අපූරු සිදුවීමක් පිළිබඳව තොරතුරක් දැනගන්නට ලැබෙනවා. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පංතිභාර ගුරුවරිය පවත්වන අමතර පංතියට සහභාගී නොවී වෙනත් අමතර පංතියකට සහභාගී වූ දරුවන් පිරිසකට බවයි වාර්තා වන්නේ.
මෙලෙස තමන් විසින් පවත්වන අමතර පංතියට සහභාගී නොවී වෙනත් උපකාරක පංතිවලට යන දරුවන් නිසා උරණ වූ අදාල පාසලේ පංති භාර ගුරුවරිය එම දරුවන්ට අපූරු දඬුවමක් ලබා දී තිබුණා. ඒ සිසුන්ට එකේ සිට දස ලක්ෂය දක්වා ඉලක්කම් ලිවීමට ලබා දෙමින්.
කෙසේ නමුත් මේ දිනවල පාසලේ ක්‍රීඩා පැවැත්වෙන සමය වුවද දරුවන් නිවෙසට පැමිණ දිවා රෑ වෙහෙසමින් ගුරුතුමියගේ දඬුවම ලෙස  එකේ සිට දස ලක්ෂය දක්වා ඉලක්කම්වලින් කොටුරූල් පොත් පුරවමින් සිටින බව එම දරුවන්ගේ දෙමාපියක් ප්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

Shiran Viraj

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Shiran Viraj

බිම් මහල ගංවතුරෙන් පිරෙද්දි උඩු මහලේ එකම පවුලේ 4 ක් නොඑන ගමන් ගිය නෙළුවේ ඛේදවාචකය- Photos

Shiran Viraj
Translate »