30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයක

නිලධාරීන් හිඟය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා.

වැඩි වශයෙන් මෙම තත්ත්වය මතුව ඇත්තේ නුගේගොඩ, ගල්කිස්ස, කළුතර, පානදුර, ගම්පහ සහ මීගමුව යන දිසාවලයි.

අලූතින් බඳවා ගන්නා පොලිස් නිලධාරීන්ද සිය පුහුණුවෙන් පසු දේශපාලනඥයින් සහ ඉහළ නිලධාරීන්ගේ සහයෙන් ඔවුන් පදිංචි ගම්බිම්වලට ස්ථාන මාරු කර ගන්නා බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

තවත් පිරිසක් ඇමති ආරක්‍ෂක අංශය, පරිසර ඒකක සහ පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු වන බවටයි ආරංචි මාර්ග පැවසුවේ.

තවත් පිරිසක් වෛද්‍ය නිර්දේශ මත සැහැල්ලූ රාජකාරී අයදුම් කර ඇති බවටද වාර්තා වනවා. අලූතින් පොලිස් සේවයට එක්වන පිරිස්, සේවය ස්ථිර කිරීමේදී විශේෂ ඒකකවලට යෙදවීමට සිදුවන්නේ මේ අතරතුරයි.

ඒ අනුව පොලිස් ස්ථානවල පවතින සියළු වගකීම් දැරීමට සිදුව ඇත්තේ ඉතිරිව සිටින නිලධාරීන් පිරිසට බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ. මෙම තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින අසමතුලිතතාවය බවද වාර්තා පළ වනවා.

පවතින තත්ත්වය සළකා කොළඹ උතුර, දකුණ සහ මධ්‍යම යන දිසාවලට අලූතින් නිලධාරීන් 300 ක් අනියුක්ත කිරීමටයි තීරණය කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Shiran Viraj

මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්

Shiran Viraj

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

Shiran Viraj
Translate »