mediahumanrights.lk
Local NewsNews

ඒජන්සි හරහා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තහනම් : රැකියා අවස්ථාවන් විදේශ සේවා කාර්යාංශය මගින් පමණයි

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජතාන්ත්‍රික ගිවිසුමට අනුව මින ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඊශ්‍රායලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂීකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින යවනු ලැබු ලාංකීකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල් රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයින් ගෙන් වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අමාත්‍යවරයා හෙළිකර සිටියා.

එහිදි තවදුරටත් තොරතුරු අනාවරණය කරමින් කරණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකීක ශ්‍රමිකයින් යැවිමට අවස්ථාවක් නොමැති බවයි.එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයින් යැවිම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මෙහිදි ප්‍රකාශ කළා.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වෙනත් රටවල් වල විවිධ වෘත්තීන් සඳහා ලාංකිකයන් යැවීමේ කාර්ය භාරය ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ මගින් පමණක් කිරිමට හැකි බව මෙහිදි අවධාරණය කෙරුණා.

විදේශ රැකියා සඳහා යන පුද්ගලයන්ගෙන් විවිධ සේවා සඳහා යැයි පවසමින් ඒජන්සිකරුවන් මුදල් අය කරන බවත්න මුත් එසේ මුදල් අය කළ හැක්කේ වෛද්‍ය පරීක්ෂණ වැනි සත්‍ය වශයෙන් මුදල් අය වන කටයුතු සඳහා පමණක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මෙහිදි පෙන්වා දුන්නා. ඒ අනුව එසේ මුදල් අය කරන්නේ නම මින් ඉදිරියට ඒ ඒ සේවා අවශ්‍යතා පෙන්වා ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඊට අනුමැතිය ලබා ගත යුතු බව අ,අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මෙහිදි ප්‍රකාශ කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Shiran Viraj

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

Shiran Viraj

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

Shiran Viraj
Translate »