27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත මුදාහැර ඇතැයි වාර්තා වනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ සැකකරු ඉකුත් 30 වන ඉරිදා අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ, ලියාපදිංචි නොකළ වාහනයක් දෙමටගොඩ ප‍්‍රදේශයේ සැරිසරන බවට කොළඹ හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි. ඒ අනුව කොළඹ හදිසි ඇමතුම් ඒකකය විසින් දෙමටගොඩ පොලීසියට මේ පිළිබද දැනුම් දී තිබෙනවා.

එම දැනුම්දීමට අනුව දෙමටගොඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මෙම රථය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම වාහනය රැන්ග්ලර් වර්ගයේ ජීප් රථයක්. මෙම රැන්ග්ලර් වර්ගයේ රථ භාවිත කරන්නේ අමෙරිකාවේ යුද හමුදා විශේෂ බලකායේ ඉහළ නිලධාරීන්.

දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ මෙම රැන්ග්ලර් වර්ගයේ ජීප් රථය ලියාපදිංචි නොකළ ජීප් රථයක් බවට මෙම පොලිස් නිලධාරියා සිය සටහන් පොතේ සටහනක්ද තබා තිබෙනවා. ඒ අනුව වාහනය පදවා ගෙන ගිය සිරිනායක පතිරගේ තිළිණ නයනජිත් වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසුවේ.

කෙසේවෙතත් ඒ අවස්ථාවේ ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ලද නියෝග මත සැකකරු සහ වාහනය මුදාහැර තිබෙනවා. ඒ, අංක තහඩු සවිකර නැවත වාහනය රැුගෙනවිත් පොලීසියට ඉදිරිපත් කරන ලෙසට දන්වමින්.

මෝටර් රථ වාහන පනතේ ප‍්‍රතිපාදන අනුව අංක තහඩු නොමැති වාහනයක් ධාවනය කිරීමට කිසිදු අවසරයක් හිමි වන්නේ නැහැ.

කෙසේවෙතත් වාහනයක් ආනයනය කිරීමෙන් පසු එය වරායේ සිට ලියාපදිංචි කිරීම සදහා රැුගෙනයාමට පමණක් අංක තහඩු නොමැතිව එය ධාවනය කිරීමට අවසර හිමි වනවා. එමෙන්ම තත්ත්ව පරීක්‍ෂණ ධාවනයක් සදහා කිසියම් වාහනයක්  අංක තහඩු නොමැතිව වුවද ධාවනය කිරීමට නම් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්ගේ අවසර ලබාගැනීම අනිවාර්යයි.

Related posts

දඹුල්ලේ එළවළු අලින්ට

Shiran Viraj

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

Shiran Viraj

මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..

Shiran Viraj
Translate »