27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsPolitical

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. වී. විග්නේෂ්වරන් ඊයේ (20) සිදුකළ ප‍්‍රකාශයට විපක්ෂයෙන් අද (21) විරෝධයක් එල්ල වුණා.

විපක්ෂය නියෝජනය කරමින් සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් ඊයේ සිදුකළ ප‍්‍රකාශය වහාම හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන බව මන්තී‍්‍රවරයාගේ යෝජනාවට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප‍්‍රකාශ කළා.

එහිදී “අපි දිවුරුම් දෙනකොට මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ සඳහා අනියමින් හෝ ආධාර අනුබලදීම අපි සිදු කරන්නේ නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ අපි දිවුරුවා. නමුත් මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකික ලෙස ජනතාව පිළිගන්න තැනට රටම ඇවිත් තියෙන වෙලාවේ දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව සහ නිජභූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට ඊයේ විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කළා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි.” යනුවෙනුයි සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

Shiran Viraj

ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතා

Shiran Viraj

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

Shiran Viraj
Translate »