2025-12-08
mediahumanrights.lk
NewsPolitical

පාස්කු ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ වැඩක් නොවේ – මුජිබර් රහුමාන්

වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයක් මත සහරාන් හෂීම් විසින් පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ, පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ප‍්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳ නිසි තොරතුරු ලබාගැනීමට නම් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බව කියන දැනට රටින් පලා ගොස් ඇතැයි කියන සාරා නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගත යුතු බවයි ඔහු කියා සිටියේ.

රටේ ජීවත්වන මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප‍්‍රශ්න නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කලා.

මේ අතර, සහරාන් හෂීම්ට මෙරට තුළ නිදහසේ ක‍්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැළකිලිමත් ක‍්‍රියාකලාපයන් ද හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පිළි ගත්තා. පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු ස`දහන් කලේ, පාස්කු ප‍්‍රහාරයට පෙර සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ”ආමි මොහිදින්” අත්අඩංගුවට ගත් බවයි.

ඒ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගත්තේ නම් පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබු බව ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් පැවසුවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

Shiran Viraj

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj

ඤාණසාර හිමිට ජනපති සමාව දෙන්න..බුද්ධ ශාසන ඇමති ජනපතිගෙන් ඉල්ලයි..

Shiran Viraj
Translate »