2026-09-17
mediahumanrights.lk
NewsPolitical

ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එම මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද යන්න සම්බන්ධයෙන් මෙම මතභේදාත්මක තත්වය මතුව ඇත.

එම පක්ෂය කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අපොහොසත් වුවද ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබේ.

පක්‍ෂයේ නායකත්වය දරන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වන අතර ඥාණසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරග කිරීමට නාම යෝජනා බාර දුන්නද එය ප්‍රතික්ෂේප විය.

මේ අතර බොදුබල සේනා සංවිධානය විසින් අද පස්වරුවේ සිය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

Shiran Viraj

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj
Translate »