27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..

අද වන විට නව ව්‍යවස්ථාවක් ගැන නව රජය විසින් කතා කළ ද ඒ ගැන කිසිම දෙයක් කිසිවකුත් දන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේය.

මෙය ඉතාම භයානක තත්වයක් යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍ය ධූරය දරමින් සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නිසා වහාම වෙනත් ඇමතිවරයෙකු ඒ සඳහා පත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වයස අවුරුදු 76 ඉක්මවා සිටී සිටින බවත් ඔහු යටතේ ආයතන 85කට වඩා ගැසට් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරියේදී රාජපක්ෂවරුන්ට ම සීමා වූ ආණ්ඩුවක් පිහිටුවාවි යන බිය තමන්ට ඇති බවත් එනිසා රාජපක්ෂවරුන් යටතේ එක පවුලකට යටත් නොවී තම සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ආරාධනා කරන බව ද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජනබලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයි

Shiran Viraj

අගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !

Shiran Viraj

Why you need a cheering squad in your fitness journey

Shiran Viraj
Translate »