2026-07-08
mediahumanrights.lk
Local NewsNews

19 යේ ඇති ස්වාධීන කොමිෂන්වලට අත තබනවාට ජාත්‍යන්තරයේ විරෝධය

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම අපහසු කාර්යක් වනු ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ ඊට එරෙහිව විශේෂයෙන් ම ජාත්‍යන්තරව එල්ල වන විරෝධතාවයන් හේතුවෙනි.

මෙම කොමිෂන් සභා අහෝසි කිරීමට මෙරටට ණය ලබාදෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි විරෝධතාවයක් තිබෙන බවද වාර්තා වෙයි.

මෙරටට ණය ලබා දීමේ දී එම ස්වාධීන කොමිෂන් සභා පවත්වාගෙන යෑම සලකා බැලෙන එක් ප්‍රධාන කරුණකි.

ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම හෝ ඒවායේ බලය අවම කිරීමට පාර්ලිමේන්තුව යම් පියවරක් ගතහොත් එය ඉහත සඳහන් ආයතන මෙරටට ණය ලබා දීමේදී විශේෂ සැලැකිල්ලකට ලක් කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම අහෝසි කරන බව මැතිවරණය පෙර මෙන්ම මැතිවරණයට පසු පොදුජන පෙරමුණු ආණ්ඩුව ඉතා විවෘතව ප්‍රකාශ කළ අතර මහා මැතිවරණය 2/3ක පාර්ලිමේන්තු බලයක් ඉල්ලා සිටියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්පුර්ණයෙන්ම අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහාය.

lanka lead news

Related posts

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Shiran Viraj

කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුව

Shiran Viraj

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

Shiran Viraj
Translate »