mediahumanrights.lk
Local NewsNews

තවත් රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,564 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් පුද්ගලයින් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 264 ක්. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,839 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. ගත වූ පැය 24 ක කාලය තුළ මෙරටින් කිසිදු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ.

මේ අතර, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 68 දෙනෙකු අද සිය ගම්බිම් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අතරින් 39 දෙනෙකු, යුද හමුදා පොදු සේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.  ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 1,856 ක් වන බව ද කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.

මේ අතර, කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි පුද්ගලයින් 185 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ගුවන් යානා 03 කින් එම මගීන් පිරිස දිවයිනට පැමිණි බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. කටාර් රාජ්‍යයේ දෝහා නුවර රැදී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින්
17 දෙනෙකු ද අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු යළි ආරම්භ කෙරුණේ ද අද සිටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

Shiran Viraj

එල්.ටී.ටී.ඊ සොහොන් කොත් ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ හතලිහක්

Shiran Viraj

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිට

Shiran Viraj
Translate »