2026-11-01
mediahumanrights.lk
Local NewsNews

තවත් රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,564 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් පුද්ගලයින් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 264 ක්. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,839 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. ගත වූ පැය 24 ක කාලය තුළ මෙරටින් කිසිදු නව්‍ය කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ.

මේ අතර, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 68 දෙනෙකු අද සිය ගම්බිම් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අතරින් 39 දෙනෙකු, යුද හමුදා පොදු සේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.  ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 1,856 ක් වන බව ද කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.

මේ අතර, කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි පුද්ගලයින් 185 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ගුවන් යානා 03 කින් එම මගීන් පිරිස දිවයිනට පැමිණි බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. කටාර් රාජ්‍යයේ දෝහා නුවර රැදී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින්
17 දෙනෙකු ද අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු යළි ආරම්භ කෙරුණේ ද අද සිටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ

Shiran Viraj

ලංකාවේ ලක්‍ෂ 34ක් ආහාර අර්බුදයක.. පවුල් 70%කට ප්‍රෝටීන් නෑ..- WFP

Shiran Viraj

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Shiran Viraj
Translate »