25 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

බැංකු හෝ මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් මහ බැංකුවට නෑ ලු

බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් ශී‍්‍ර ලංකා මහ බැංකුවට නොමැති බව එහි සහකාර අධිපති ජනක කරුණාරත්න පවසනවා.

කෙසේවෙතත් නියාමන යාන්ත‍්‍රණය මගින් අවදානම අවම කිරීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව කටයුතු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. කිසියම් එක් මූල්‍ය ආයතනයක කඩාවැටීම රටේ සමස්ත මුල්‍ය පද්ධතිය කෙරෙහිම නරක බලපෑමක් ඇති කරවන බව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

අද (03) පෙරවරුවේ නෙත් එෆ්. එම්. බැලූම්ගල සිස්ටම් චේන්ජ් වැඩසටහනට අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ජනක කරුණාරත්න මෙම අදහස් පළ කළා.

බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන නියාමනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීම හා නියාමන යාන්ත‍්‍රණයේ පවතින අඩුපාඩු පිළිබඳ මෙම වැඩසටහනේදී විමසා බැලූනා.

කිසියම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කිරීමේදී පොලිය කෙරෙහිම පමණක් ආකර්ෂණය නොවන්නැයි මෙහිදී සිහි කැඳවීමක් ද කෙරුණා.

නෙත් එෆ්. එම්. බැලූම්ගල ඉකුත්දා අනාවරණය කළ කුරුණෑගල, මාස්පොත ප‍්‍රදේශයේ පවත්වාගෙන යන අසාමාන්‍ය වැඩි පොලියක් ලබා දෙන නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතනය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා. එවැනි මූල්‍ය ආයතන ඉතා ඉක්මනින් කඩාවැටිය හැකි බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේ.

මුදල් තැන්පත් කිරීම සඳහා බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් තෝරා ගැනීමේදී පුද්ගලයකු විසින් සැලකිලිමත් විය යුතු කරුණු මොනවා දැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධනසිරි දිසානායක ද මෙහිදී පැහැදිලි කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්

Shiran Viraj

රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…

Shiran Viraj

IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ

Shiran Viraj
Translate »