31.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයි

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඉන්දීයව සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ජුලි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත්, කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට ඔවුන් තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ කොවිඩ් – 19 වෛසරයේ බලපෑම පහව යාමෙන් අනතුරුව ඉදිරි කාලයේ දී ඉන්දීය දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවේ පවතින තත්වය හමුවේ හදිසි තීරණ ගැනීමෙන් සිය ක්‍රීඩකයන් මෙන්ම ජනතාවද අනතුරකට ලක් කිරීමට හැකියාවක් නොමැති බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනය සඳහන්.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ සිම්බාබ්වේ තරග සංචාරයත් කල් දැමීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

එමෙන්ම ඉන්දීයාවේ කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන්  ඉන්දීය ක්‍රීඩකයන් මේ වන තෙක් පුහුණු කඳවුරු සඳහා සහභාගී කරවීමේ හැකියාවක් නොමැති අතර යළිත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ තීරණය ගැනීමට නම් තම කණ්ඩායම ක්‍රිඩාංගණ පුහුණුව අරඹන කාලය තෙක් තරගාවලිය කල් දැමීමට තීරණය කළ යුතු බවද ඔවුන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කලේ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට සාකච්ඡා වු අතර එය මේ වන තෙක් අවලංගු කර නොමැති බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුට

Shiran Viraj

ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනයි

Shiran Viraj

ශවේන්ද‍්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයත් දින කිහිපයයි..

Shiran Viraj
Translate »