26.1 C
Colombo
2026-09-02
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටු පක්‍ෂ නායක හමුව යලිත් අවුල්.. සෙසු පක්‍ෂ නායකයෝ යන්න යති.. අදාල නැති පිරිසක් කැදවලා…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයෝ සහභාගි නොවූහ .

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස් ,අසංක නවරත්න යන මහත්වරුන් ද ,අතුරලියේ රතන හිමියන් ද එම පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ බව වාර්තා වේ .

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ අතර ,ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා මෙම පක්ෂ නායකයින් පිරිස ඊට සහභාගී නොවූ බව දැනගන්නට ඇත .

එම පක්ෂ නායකයන් පස්වරු 5 ට පමණ අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ තමා ඇතුළු පිරිස අගමැතිවරයා හමුවි පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බව ය .

පක්ෂ නායක රැස්වීමට පොදුජන පෙරමුණේ විශාල පිරිසක් කැඳවා සිටි නිසා ඊට සහභාගි නොවූ බව හෙතෙම සඳහන් කළේය

තමාත් ,වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ,එල් එම් අතාවුල්ලා ,ජයන්ත සමරවීර, යන මහත්වරුන් සහ අතුරලියේ රතන හිමියන් අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූ බව ඔහු කීවේය

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් ලබන එකොළොස් වැනිදා කැඳවන බව අගමැතිවරයා දැන්වී යැයි ද හෙතෙම සඳහන් කළේය.

Related posts

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

Shiran Viraj

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Shiran Viraj
Translate »