28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පී.සි.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ අමෙරිකානු නිළධාරියාගේ සිදුවීම : රජයෙන් දැඩි තීරණයක් – අමෙරිකානු තානාපති කාර්යාලය නිදහසට කරුණු කියයි

විදේශයක සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන කිසියම් පුද්ගලයෙකු පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළහොත් එවැන්නන් යලි පැමිණි රටටම හරවා යැවීමට තීරණය කර තිබෙනවා.

අමරිකානු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු ගුවන්තොටුපළේ දී පී සී ආර් පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කරමින් නොසන්සුන්ව හැසිරී ඇතැයි තොරතුරු වාර්තා වුණා.

නිල නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ සිය රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සෑම විටම විදේශ සබදතා අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවයි.

නිරෝධායන සීමා කිරීම ඇතුළුව ශී‍්‍ර ලංකාවේ කෝවිඞ් 19 මාර්ගෝපදේශ පිළිපදින බවද එහි දැක්වෙනවා.

අමරිකානු රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය ශ‍්‍රී ලංකාවට පැමිණීම රාජතාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප‍්‍රමිතීන්ට හා ක‍්‍රියාපටිපාටිය ට අනුකූලව සිදු වන බවයි මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

Shiran Viraj

රජයේ වී ගබඩාවකට අලි ප්‍රහාරයක්

Shiran Viraj
Translate »