mediahumanrights.lk
International NewsNews

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

අමෙරිකානු ජාතිකයින් සඳහා සිය දේශ සිමා විවෘත නොකිරිමට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.

අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත.

යුරෝපා සංගමය නියෝජනය කර රටවල්වල සමාජිකයින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අමෙරිකානුවන්ගෙන් වෛරස ව්‍යාප්තිය සිදුවීමේ සම්භාවිතාව ඉහළ වීම මීට හේතු වී ඇති බව සඳහන්.

ට්‍රම්ප් පාලනය විසින් රෝග ව්‍යාප්තිය පාලනය උදෙසා සිදුකරන දුර්වල ක්‍රියාදාමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් අදාළ තීරණය සම්බන්ධයෙන් යළි පසුවිපරමක් සිදුකිරිමට හෝ යළි සළකා බැලීමක් සිදුකිරිමට කටයුතු කරන බව ද යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයි

Shiran Viraj

හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj

මහින්දානන්ද ඇප මත මුදාහරී

Shiran Viraj
Translate »