26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

කොවිඩ් පරීක්ෂණ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු උපදෙසක්

කොවිඩ් පරීක්ෂණ වැඩියෙන් සිදු කරන විට ආසාදිතයින් ගණන ඉහළ යන බැවින් පරීක්ෂණ ප්‍රමාද කරන ලෙස තමන් පරිපාලනයට දැනුම් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ මාර්තු මාසයෙන් පසු පැවති ඔහුගේ පළමු ජනාධිපතිවරණ රැළිය අමතමින්ය.

එරටින් මේ වන විට විසි තුන් ලක්ෂයකට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 121,980 කි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රචාරණ රැළියක් පසුගියදා ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටල්සා හීදී පැවැත්වුණි.

එහිදී ඔහු කියා සිටියේ කොවිඩ් ආසාදිතයන් සොයන පරීක්ෂණ දෙපැත්ත කැපෙන කඩුවක් ලෙසය.

“ඔබ පරීක්ෂණ වැඩි කරන විට, ඔබ වැඩි පිරිසක් සොයා ගන්නවා. ඔබ තවත් සොයාගන්නවා. ඒ නිසා පරීක්ෂණ මන්දගාමී කරන්න කියා මගේ පරිපාලනයට මම කරුණාකර කියා සිටියා. ඔවුන් පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරනවා. ඒත් සිදුවන්නේ කුමක්දැයි ජනතාව නොදන්නා පරීක්ෂණ අප සතුව තියෙනවා.“

එහිදී ජනාධිපති ට්‍රම්ප් වෛරසය සම්බන්ධයෙන් යළිත් වරක් චීනයට දොස් නැගුවේ කොවිඩ් 19 වෛරසයට තවත් නමක් ලබාදෙමින්ය.

ඒ චීන සටන් ක්‍රමයක් වෙන “කුන්ග් ෆු” කුන්ග් ෆ්ලූ ලෙස හඳුන්වමින්ය.

 “මට මෙය කුන්ග් ෆ්ලූ කියලා හඳුන්වන්න පුළුවන්. “

මෙම රැළියට සහභාගී වූ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් බහුතරයක් මුඛ ආවරණ පැලඳ සිටියේ ද නොමැත.

කෙසේ වෙතත් රැලිය පැවැත්වුණු, ආසන 19 000 කින් යුත් ඔක්ලහෝමා මධ්‍යස්ථානයේ ආසන රැසක් හිස්ව පැවති බවත් සඳහන්ය.

ට්‍රම්ප් පවසන්නේ නිහඬ බහුතරය වෙන කවරදාටත් වඩා ශක්තිමත් බවය.

මෙම ශාලාවට අනුගාමිකයන් ඇතුළත් කර ගෙන ඇත්තේ රෝගී තත්ත්වයක් ඇති වුවහොත් සංවිධායකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමේ පොරොන්දු පත්‍රයකට අත්සන් ගැනීමෙන් පසුවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්

Shiran Viraj

දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..

Shiran Viraj

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

Shiran Viraj
Translate »