28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකට

දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නව දිශාවකට යොමුවී තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ මතයි. ඔහු සඳහන් කර ඇත්තේ අත්වැරදීමකින් පිපිරී ගිය ආකාරය හැඟවෙන පරිදි අත්බෝම්බය පුපුරුවා ගැනීමට සැලසුමක් තිබූ බවයි.
ඒ, ඔහු පත්ව සිටි දැඩි ණය අර්බුධය හේතුවෙන්. මූලික ප‍්‍රශ්ණ කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ සැකකාර සාජන් මේජර්වරයාට රුපියල් ලක්ෂ 12ක ණයක් ගෙවීමට තිබූ බවයි. ඔහුගේ බිරිඳද වියදම් අධික තැනැත්තියක් බවයි පැවසෙන්නේ.
සැකකරු දෙවන විදුලි හා යාන්තී‍්‍රක ඉංජිනේරු බලකායේ සාජන් මේජර්වරයෙක්. ඔහු උපකරණ පාලකවරයෙකු ලෙසයි කටයුතු කර ඇත්තේ. සිංගප්පූරුවේ නිෂ්පාදිත අත් බෝම්බයක් ඉකුත් 2015 වසරේ අගෝස්තු මාසයේදී සැකකරු මුලතිවු සිට ඔහු පදිංචි තෙල්දෙණයේ නිවෙසට රැගෙන ගොස් තිබෙනවා. එය නිවස ආසන්නයේ දෙළුම් ගසක් යට වළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
ඔහු ඉකුත් 21 වැනිදා තෙක් එම අත් බෝම්බය ගොඩ ගෙන නැහැ. මෙම සිද්ධිය සිදුවූ දිනයේ සැකකාර සාජන් මේජර්වරයා අත් බෝම්බය රැගෙන දියතලාවේ පිහිටි සිය හමුදා කඳවුර වෙත යාමටයි සැලසුම් කර ඇත්තේ.
ඊට පෙර ඔහු ණය මුදලක් ඉල්ලා ගැනීම සඳහා අනුරාධපුර මාතලේ හංදියට ගොස් ඇති බව ද සඳහන්. එහෙත් එය සාර්ථක නොවූ තැන සැකකරු යාපනය සිට දියතලාව බලා පැමිණි බස් රථයට කටුගස්තොටින් ගොඩවී ඇත්තේ රාජකාරී ස්ථානය බලා යාමේ අරමුණින්.
කඳවුර අසල පිහිටි කඳුකර ප‍්‍රදේශයකදී අත් බෝම්බය පුපුරුවා ගැනීමටයි ඔහුගේ සැලසුම වී තිබී ඇත්තේ. සේවයේ යෙදී සිටියදී සිදුවූ අනතුරක් සේ හඟවා බෝම්බය පුපුරා ගොස් ජීවිතයට හානියක් සිදුවුවහොත් සිය පවුලේ සාමාජිකයින්ට වන්දි හිමිවීම ඊට හේතුවයි.
පරීක්ෂණ කණ්ඩායම් අනාවරණ කර ගෙන ඇත්තේ අත්බෝම්බය දීර්ග කලක් පොලව යට වළලා තිබීම හේතුවෙන් එය මලකඩ කා තිබෙන්නට ඇති බවයි. සුළු ගට්ටනයකදී වුවද එය පුපුරා යාමට හේතු වන්නට ඇත්තේ එය විය හැකි බවද පරීක්ෂණ කණ්ඩායම් සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සාජන් මේජර්වරයා බදුල්ල බන්ධනාගාරය වෙත මාරු කර යැවුණා. මෙම සාජන් මේජර්වරයා වසර 20ක සාර්ථක හමුදා සේවයක් හිමි අයෙකු වන අතර ඔහු තිදරු පියෙක්. අදාළ සිද්ධියෙන් පසු ඔහුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලි

Shiran Viraj

ලංගම බසය ජීවිතයක් නතර කරයි

Shiran Viraj

දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?

Shiran Viraj
Translate »