26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබු ගණන 172 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 10 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 172 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

කොවිඩ්-19 වෙරස ආසාදිතයින් 690 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති අතර ආසාදිතයින් 511 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවින්-19න් වෛරසය ආසාදනයවිම හේතුවෙන් මෙරටින් තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 07කි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්

Shiran Viraj

CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනී

Shiran Viraj

"ජන්දය අපි ඇඟට අරන් තියෙන්නේ" – මෛත්‍රී පිළ දිනන බව ඉසුර කියයි

Shiran Viraj
Translate »