mediahumanrights.lk
Local News News

ඇදිරි නීති කාලය තුල විදුලි බිල්පත සැකසෙන ආකාරය ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් පැහැදිලි කිරීමක්

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සඳහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සකස් කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට(ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇත.

බිල්පත් නිකුත් කිරීම ප්‍රමාද වුවද සහන මිලට ලැබෙන විදුලි ඒකක ප්‍රමාණය (ආනුපාතික ක්‍රමයට අනුව) විදුලි පාරිභෝගිකයාට හිමිවන ආකාරයටම බිල්පත් ගණනය කිරීමට හා බිල්පත් ගෙවීම සදහා සාධාරණ කාල සීමාවක් ලබාදීමට අදාල වන පටිපාටි ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ යෝජනා මෙන්ම ඇතැම් පාරිභෝගිකයින්ගේ පැමිණිලි ද සැළකිල්ලට ගෙන සකස්කරන ලදී.

එසේම නිරෝධායන ඇදිරි නීති කාලය තුලදී විදුලි බිල්පත් ආදායම් නොලබිමින් වුවද ලංවිම හා ලෙකො යන ආයතන විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දී ඇත.

ඉදිරියේදී අඛණ්ඩව ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සදහා මෙම ආයතන වල මුල්‍ය තත්වය යථා තත්වයට පත් කල යුතු වේ.

දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන බිල්පත් සදහා කඩිනමින් ගෙවීම් කිරීමෙන් විදුලි පාරිභෝගිකයින්ට ලංවිම හා ලෙකො ආයතනයේ මුල්‍ය තත්වය යහපත් ලෙස පවත්වාගැනීමට සහාය විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඇදිරි නීති කාලය තුල නියමිත බිල්පත් සකස්කිරීමේදී පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි බිල්පත් ගණනය සදහා පහත සදහන් නිර්දේශ ක්‍රියාත්මක වේ.

1.නිරෝධායන ඇදිරි නීතිය ආරම්භවීමෙන් පසුව හා අවසාන මනු කියවීමෙන් පසුව නිකුත් කෙරෙන සියළුම බිල්පත් පෙර පරිදිම මාසික පදනම මත හා සහන විදුලිගාස්තු හිමිකම (ආනුපාතික ක්‍රමය  පදනම්) ද තහවුරු කරමින් ඒ ඒ මාසය සදහා වෙන් වෙන් බිල්පත් වශයෙන් නිකුත් කෙරේ.

2. එසේ නිකුත් කරනු ලබන වෙන් වෙන් බිල්පත් ගෙවීම සදහා පාරිභෝගිකයාට ලබාදෙන සහන කාලය ලංවිම සහ ලෙකො විසින් ප්‍රසිද්ධියට පත්කර සියලු විදුලි පාරිභෝගිකයින් වෙත දන්වනු ලැබේ. ඒ අනුව අදාල සහන කාලය හා කොන්දේසි ප්‍රකාශයට පත් කරන තුරු මෙම බිල්පත් නොගෙවීම සම්බන්ධයෙන් විදුලිය විසන්ධි කිරීම් සිදු නොකෙරෙනු ඇත.

3. අවසාන මනු කියවීම හා ඉදිරි මනු කියවීම අතර කාලය මාසයක් හෝ ඊට වැඩි කාලයක් විය හැකි ය. ඒ අනුව එම කාලය තුල සමස්ත පරිභෝජනය (විදුලි ඒකක ප්‍රමාණය) සමාන කාල පරිච්ඡේද සදහා සමාන ඒකක ගණනක් බෙදීයන පරිදි (ආනුපාතික ක්‍රමය හෙවත් සහන විදුලි ගාස්තු හිමිකම තහවුරු කරමින්) බිල්පත් සකස් කෙරේ.

එවිට මාස කීපයක් තුල විදුලි පාරිභෝගිකයා විසින් පරිභෝජනය කල සමස්ත විදුලි ඒකක ප්‍රමාණය ඉතා ආසන්න වශයෙන් ඒ ඒ මාසය සදහා වෙන්කර සාධාරණ පරිදි බිල්පත සකස් කල හැකි වේ.  මේ අතර ඇතැම් පාරිභෝගිකයින්ට මේ වන විටත් මනු කියවීමකින් තොරව ඇස්තමේන්තු ගත බිල්පත් ලැබී තිබිය හැකිය.

මෙම ඇස්තමේන්තුගත බිල්පතේ සදහන් විදුලි ඒකක ප්‍රමාණය හා මනු කියවීමෙන් පසුව නිකුත් කරන බිල්පතේ ඒකක ප්‍රමාණය අතර වෙනසක් වෙතොත් එම වෙනස ඊළග බිල්පත් කියවීමෙන් පසුව  සංශෝධනය කෙරේ. එවැනි සංශෝධන ඇත්නම් පමණක් ඉදිරි බිල්පත් වලට ඇතුළත් කර එවැනි සංශෝධන පිළිබද පාරිභෝගිකයා වෙත දැන්වනු ලැබේ.

4. නිකුත් කර ඇති බිල්පත් හෝ ඉදිරියේදී නිකුත් කරනු ලබන බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇති අවස්ථාවලදී එම විදුලි සම්බන්ධතා විසන්ධි නොකෙරේ. ලංවිම හා ලෙකො විසින් එවැනි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදනු ලැබේ.. සිය  විදුලි බිල්පත් පැමිණිලි සම්බන්ධයෙන් ලැබෙන විසදුම් පිළිබද එකග නොවන අවස්ථාවලදී පාරිභෝගිකයාට සිය ගැටළුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතද යොමු කල හැකි වේ.  

සහන විදුලි ඒකක හිමිකම තහවුරු කෙරෙන ආනුපාතික ක්‍රමය පිළිබද උදාහරණය

මාස දෙකක කාලයක් සදහා විදුලි පාරිභෝජනය ඒකක 120 වන්නේ නම් මුල් ඒකක 60 රුපියල් 2.50 බැගින් ද දෙවැනි ඒකක 60 රුපියල් 4.85 බැගින් ද ගණනය කෙරෙනු ඇත.

එවිට එක් එක් මාසය සදහා ස්ථාවර ගාස්තුව රුපියල් 60 බැගින් රුපියල් 120ක් වේ. මෙම උදාහරණයට අනුව මාස 2කට පසුව බිල්පත් කියවන හෙයින් පාරිභෝගිකයාට ඒ මාස දෙක සදහා වෙන් වෙන් වශයෙන් බිල්පත් 2ක් නිකුත් කරනු ලැබේ.  

ඒ අනුව පලමු මාසය සදහා ගාස්තුව රුපියල් 280.50 ක් වන අතර ඊළග මාසය සදහා ගාස්තු රුපියල් 280.50ක්  වශයෙන් සදහන් බිල්පත් 2ක් ලැබේ. ඊට අමතරව මෙම බිල්පත් ගෙවීම සදහා ලබාදෙන සහන කාලයද පාරිභෝගිකයාට දන්වනු ලැබේ.

මසකට ඒකක 60ක සාමාන්‍ය භාවිතයක් ඇති විදුලි පාරිභෝගිකයෙකුට එකවර මාස 2ක බිල්පත් නිකුත් කිරීමේදී ගාස්තු සකස් කෙරෙනුයේ පහත සදහන් ආකාරයට වේ.

වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන, ජයනාත් හේරත් මහතා 0772943193 අමතන්න.
(under the courtesy of adaderana.lk news web)

Related posts

රන්ජන්-ඉන්දික ගැටුමේ හොදම ටික මෙන්න

Shiran Viraj

අනතුරින් උප පොලිස් පරීක්ෂක එලොව යයි

Shiran Viraj

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

Shiran Viraj