30.5 C
Colombo
2026-08-14
mediahumanrights.lk
Local NewsNews

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

අද(14) දිනයට තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයට පමණක් රෝගීන් 15 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද වන විට වෛරස ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මේ වන විට වාර්තා වී ඇත.

පුද්ගලයින් 165 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගත කර තිබේ.

මේ අතර අවසන් වරට වාර්තා වු රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින්ම ඇසුරු කළ අය බවත් ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයෙකු බවත් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඉන් 8 දෙනෙකු පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක් වන අතර 4 දෙනෙක් මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි.

තවත් එක් අයෙක් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

Shiran Viraj

ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…

Shiran Viraj

STEM අධ්‍යාපනය ප්‍රවර්ධනයට ක්‍රියාකාරී සැලසුමක්

Shiran Viraj
Translate »