2026-09-23
mediahumanrights.lk
International NewsNews

ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්

ලෝකයේ රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබේ.

ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ දොලොස් ලක්ෂ හැත්තැ තුන්දහසක් ලෙසයි.

ලොව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන අමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේදීත් නව ආසාදිතයින් 25,000කට වැඩි පිරිසක් හදුනාගෙන ඇති අතර සිදුවූ මරණ ගණන 1,350කි.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වී ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා පැතිර ගිය, කොවිඩ් නයින්ටීන් වෛරසය අදවනවිට ගෝලීය බල තුලයනයද සසලකිරීමට සමත්ව තිබෙනවා.

ඒ, 331,000 ඉක්මවු, ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාවක් ලෝක බලවතා වන අමෙරිකාවෙන් වාර්තාවීමත් සමගයි.

ඊයේ දිනයේදී වාර්තා වූ  මරණ 1,344ත් සමගින් අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත මරණ ගණන 9, 616ක් ලෙසින් ඉහළ ගියා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවේදී ඔහු නැවතත් අවධාරණය කළේ,  අවශ්‍ය වුවහොත් පමණක් මුව ආවරණයක් පළදින බවයි.

කෙසේ නමුත් මුව ආවරණයක් පැළදීමට සිය බිරිය කැමත්ත පළකරන බවත් ඔහු සදහන් කළා.

එමෙන්ම අමෙරිකාවට අයත් USS තියඩෝර් රැස්වෙල්ට් යුද නෞකාවේ කපිතාන් බ්‍රැට් ක්‍රොසියර්, ඉවත්කිරීමට රජය ගත් තීන්දුව ඉතාමත් කාලෝචිත බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

ඒ ඔහුගේ නිර්භීත සේවය අමෙරිකානුවන් අතර ඇගයීමට ලක්ව ඇති පසුබිමකවීම විශේෂත්වයක්.

මේ අතර තවත් විදෙස් වාර්තා සදහන් කර තිබුණේ, කපිතාන්වරයාද කොවිඩ් නයින්ටීන්  ආසාදිත බවට හදුනාගෙන ඇති බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

Shiran Viraj

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj

චීනය ශ‍්‍රී ලංකාව සමග අමනාප වේ…

Shiran Viraj
Translate »