28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම ප්‍රදේශවල ජනතාව වෙළෙඳ සැල්, ඔසුසැල් හා බැංකු වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණි.

කොරෝනා වෛරස ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී තිබූ උපදෙස් පිළිපදිමින් මුඛ ආවරණ පැළද සහ දුර ප්‍රමාණය පවත්වාගනිමින් පෝලිම්වල සිටින ආකාරය බොහෝ ස්ථානවලදී අපට දැකගත හැකි වුණි.

කෙසේ වෙතත් ඇතැම් ජනතාව තවමත් සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තැකීමකින් තොරව භාණ්ඩ මිලදී ගැන්නා ආකාරයත් අපට දැකගත් හැකි විය.

වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප නම් කර ඇති ප්‍රදේශ හැරුණු විට සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අද (16) උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත් වෙයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්

Shiran Viraj

එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…

Shiran Viraj

‘සාමාන්‍ය යාන්ත්‍රණය ඉක්මවා මෙහෙයුම් අවශ්‍යයි’ – ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිගෙන් කඩිනම් උපදෙස්

Shiran Viraj
Translate »