29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

කොරෝනා මර්ධනයට විවිධ රටවල රාජ්‍ය නායකයන් දැක්වූ ධනාත්මක ප්‍රතිචාර අනුව ලංකාව ලෝකයේම 9 වන ස්ථානයේ සිටිනා බව කියැවෙන, ඔස්ට්‍රේලියාවේ අය් සී එම් ඒ නැමැති අධ්‍යාපනික ආයතනය මගින් කරනා ලද සමීක්ෂන වාර්ථාවක් පසුගියදා ලංකාවේ මාධ්‍ය තුල කතා බහට ලක් විය.

විපක්ෂයේ හිටපු මන්ත්‍රී අජිත් පෙරේරා මාධ්‍ය සාකච්චාවකදී කියා සිටියේ මේ වාර්ථාව පිටුපස සිටින්නේ ජනාධිපතිතුමාගේ සමීප හිතවතෙකු හා උපදේශකයෙකු වන ආචාර් ය නාලක ගොඩහේවා බවයි.

අජිත් පෙරෙරා මහතාගේ තර්කය වූයේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඔස්ට්‍රේලියාවේ අය් සී එම් ඒ ආයතනයේ ජාත්‍යන්තර උපදේශක වරයෙකු මෙන්ම එහි ශ්‍රී ලංකාවේ සභාපති වන නිසා මෙම සමීක්ෂණ වාර්ථාව ඔහුගේ අනුමැතියෙන් සිදු වූවක් බවත් එය සකස් කොට ඇත්තේ මෑතකදී ආරම්බ කල වෙන් අඩවියක පලවූ දත්ත පදනම්ව බවයි.

එයට පිලිතුරු දෙමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනේ අය් සී එම් ඒ ආයතනය ඔස්ට්‍රේලියාවේ පමනක් නොව, නවසීලන්තය, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, සිංගප්පුරුව වැනි රටවල් ගනනාවක ව්‍යාප්ත වසර 30 කට වඩා ඉතිහාසයක් ඇති ආයතනයක් බවත් අධ්‍යාපන සමීක්ෂණයක් කරන්න්නේ එක් ලිපියක් පාදක කරගෙන නොව විවිධ තොරතුරු හා දත්ත රාශියක් අධ්‍යයනය කිරීමෙන් පසුව නිසා, අධ්‍යාපනික සමීක්ෂණ වාර්ථාගැන අබමල් රේනුවක අවබෝදයක් ඇති අයෙන් නම් මෙවැනි බොලඳ චෝදනා නොකරන බවයි.

එසේම අජිත් පෙරේරා මහතා සඳහන් කල ලිපියේ ඇති කරුනු ලංකාවේ මෙන්ම විදේශ රටවල මාධ්‍ය වලින් ප්‍රචාරය වූ සත්‍ය කරුණු නිසා එම ලිපියේ ඇති වරද කුමක්ද කියා ප්‍රශ්ණ කල ආචාර්ය නාලක ගොඩහේවා මහතා තව දුරටත් පෙනවා දුන්නේ ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් ආචාර් ය උපාධියක් ලබා ඇති , ගනකාධිකරනය, ඉංජිනේරු හා අළවිකරන යන ක්ෂේත්‍ර තුනේම වෘත්තීය සුදුසුකම් ඇති තමාව අය් සී එම් ඒ ආයතනයේ ශ්‍රී ලංකා ශාකාවේ සභාපති ලෙස පත් කොට තිබෙන්නේ ගරු තනතුරක් ලෙස බවත් තමා කිසිදු ආකාරයකින් ආයතනයේ පරිපාලනයට සම්බන්ධ නැති බවත්ය.

ඒ කෙසේ වෙතත් ලංකාව ලෝකයට ආදර්ශයක් වෙමින් කොරෝනා පාලනයේ යෙදී සිටිනා අවස්ථාවක සමහර දේශපාලනඥයින් එය අවතක්සේරු කිරීමට උත්සාහ ගන්නා අකාරය කනගාටුදායක බවද ගොඩහේවා මහතා පැවසීය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

Shiran Viraj

නිවේදිකාවක් හා නිෂ්පාදකයෙක් පැහැරගෙන නිරුවත්කර පිංතූර අරං

Shiran Viraj

මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

Shiran Viraj
Translate »