28.9 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

එකම දිනයක් තුළ කොරෝනා ආසාදිතයින් 17ක් වාර්තා වු හැටි

ඊයේ(19) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු වාර්තා වී තිබේ.

යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය දා කොටහේන ප්‍රදේශයෙන් හඳුනා ගත් කාන්තාව සමඟ මෙම පුද්ගලයින් හඳුනා ගත් බවයි.

මෙම කාන්තාව ඉන්දියාවේ සිට පැමිණ ඇති අයෙක් බවට තහවුරු වී තිබුණු බවත් ඇය අප්‍රේල් 15 වන කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවත් යුද හමුදාපතිවරයා පවසයි.

අප්‍රේල් 17 වන දින උදෑසන වන විට ඇයගේ සැමියාට හා පුතුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වු බව තහවුරු වී ඇත.

මේ අතර ඊයේ දිනය වන විට ඇයගේ නිවසට යාබදව සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙක් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය.

ඊයේ දිනය තුළ හමුවු රෝගීන් 17 දෙනාගෙන් 15 දෙනෙකුම ඇයගේ නිවසට යාබද නිවසේ සිටි 10 දෙනෙක් අය හා අසල්වැසියන් 5 දෙනෙක් ලෙස වාර්තා වි  තිබේ.

මෙම කාන්තාව ඇසුරු කළ තැනැත්තන්ගේ PCR පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවත් පැවසු යුද හමුදාපතිවරයා, තවත් පුද්ගලයෙක් මෙම කාන්තාවගේ ස්වාමියා ළඟින් ඇසුරු කළ අයෙක් බවත් පැවසීය.

මෙම පුද්ගලයින් සැකය මත PCR පරීක්ෂණ සිදු කර සොයා ගත් අය බවද හමුදාපතිවරයා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s Ratings

Shiran Viraj

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj

රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ…

Shiran Viraj
Translate »