2026-09-04
mediahumanrights.lk
Local NewsNews

නගරාධිපති නිල රථයෙන් බල්ලන් බෙහෙත් ගේන්න යයි..

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන් වෙන්කර ඇති WP-PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතව 29 දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය.

රජයෙන් වැටුප් ලබන රියදුරෙකු ධවනය කල කැබ් රථය නගරයට පැමිණ නැවැත රජයේ පශුවෛද්‍ය කාර්යාල ය වෙතද නැවැත ගොස් ඇත.

මෙම නිල රථය බාවිතයෙන් බල්ලන්ට බෙහෙත් ගන්න යෑම, රියදුරකු යෙදවිම කෙතරම් සාධාර්ණද ? යන්න නවැත නැවැත විමසිය යුතුය.

2020 වර්ෂයට බලු බදු යොජනාව ගෙනා දඹුල්ල මහනගර සභාව අධික සේවක නඩත්තුව නිසාවෙන් අධික මුල්‍ය අර්බුදයකට කලක්ව ඇත්තේය.

එනිසාම නාගරික සංවර්ධන අධිකාරි ගොඩ නැගිල්ලේ 2011 වසරේ දඹුල්ල මහ නගර සභාව ආරම්භයේ සිටම පවත්වාගෙන ගිය ගොඩ නැගිල්ලෙන් ඉවත්ව බස් නැවැතුම් පොල උඩු මහලට නගර සභාව ගෙන යන්න තීර්ණයක් ගෙන ඇති බවද වාර්තා වේ.

එවැන් සමයක මේ අන්දමින් නගරාධිපතිවරයාගේ හෝ රියදුරුගේ බල්ලාට බෙහෙත් ගන්න නගර සභාවේ වාහනයක් යෙදවීම ජනපති ගොඨාභය ජනපති වරයාගේ දේශපාලන ප්‍රතිරුපයට මෙන්ම සංකල්පයටද විරුද්ධ බවව දඹුල්ල ජනතාව පවසති.

– මහින්ද උදයසිරි රත්නායක

Related posts

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

Shiran Viraj

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

Shiran Viraj

කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්

Shiran Viraj
Translate »