28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

යුද හමුදා කැබ් රියේ ගැටී ‍පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

නාරම්මල පොලිස් වසමේ නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කඩහපොල ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු යුද හමුදා කැබ් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

එහිදී යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ ‍මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු බෝයගනේ, පොතුහැර ප්‍රදේශයේ පදිංචි නාරම්මල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වසර 7 ක් හොංකොං පාලනය කළ ඩොනල්ඩ් සන්ග් හිරගෙට

Shiran Viraj

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Shiran Viraj

චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…

Shiran Viraj