26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බවට අනාවරණය වෙයි

කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බවයි.

නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි.

රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මඟන් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළේය.

කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම වෙනුවෙන් පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය මේ බව කියා සිටියේ බීබීසී රූපවාහිනියේ වැඩසටහනක් සමඟ අදහස් දක්වමින්.

කෝවිඩ් 19 රෝගය එක් වරක් වැළඳීම මගින් රෝගයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක් ද පවසා තිබුණි.

නව කොරෝනාවෛරසයට එන්නතක් නිපදවීම සඳහා ලොව පුරා රටවල් ගණනාවක විශේෂඥයින් පරීක්ෂණ පවත්වමින් සිටින අතර මහාචාර්ය සේරා ගිල්බට් පවසන්නේ දැනට පවතින තත්ත්වය යටතේ, නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

Shiran Viraj

සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයි

Shiran Viraj

දකුණු කොරියානු හිටපු ජනපතිනියගෙන් පැය 14 ක් ප‍්‍රශ්න කෙරේ

Shiran Viraj
Translate »