27.8 C
Colombo
2026-10-17
mediahumanrights.lk
Local NewsNews

මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

ජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

දැනට මෙරට තුළ මුඛ ආවරණ පැළඳිය යුතු යැයි නිර්දේශ කරන්නේ රෝගීන් යැයි සැක කරන පුද්ගලයන්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය සේවකයින්, ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් රෝහලට යාමේදී පමණක් යයිද ලිපියේ දැක්වෙයි.

සාමාන්‍ය පුද්ගලයන් එදිනෙදා කටයුතු කිරීමේදී මුඛ ආවරණ භාවිතයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දක්වා නිර්දේශ කර නැති බවත් සාමාන්‍ය ජනතාව මෙන්ම මුඛ ආවරණ භාවිතය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවත් ඔහු තවදුරටත් ලිපියෙන් කියා සිටී.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Shiran Viraj

අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසා

Shiran Viraj

පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටු

Shiran Viraj
Translate »