30.8 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

මාස 12ක් තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 75ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවට හෙළිදරව්වක්

ගත වූ මාස දොළහකට ආසන්න කාලසීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මඟින් ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 75කට ආසන්න ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ඖෂධ නියාමන අධිකාරියේ නිල වෙබ් අඩවිය උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද ඖෂධ අතර මෙරොපෙනම්, ප්‍රෙඩ්නිසිලෝන්, පැරසිටමෝල් සහ සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් අඩංගු වන බවයි.

මෙම ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා වන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ජර්මනිය යන රටවල නිෂ්පාදිත ඖෂධ ද ඒ අතර වේ. ඖෂධ තුළ වීදුරු කැබලි අඩංගු වීම, වර්ණ වෙනස්වීම්, නිෂ්පාදන අමුද්‍රව්‍යවල ගැටලු සහ නියමිත බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ (BP) ප්‍රමිතීන්ට අනුකූල නොවීම වැනි බරපතළ හේතු මත මෙම පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, මෙලෙස තාවකාලිකව ඉවත් කරන සමහර ඖෂධ පසුව නැවත රෝහල් පද්ධතිය වෙත මුදා හැරීම ද ආන්දෝලනයට තුඩු දී ඇති බව වෛද්‍යවරයා සඳහන් කරයි.

මෙරට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතිගත රසායනාගාරයක් නොමැති වීම නිසා බාල ඖෂධ මහජනතාව වෙත ගලා ඒම වළක්වා ගත නොහැකි බව පෙන්වා දෙන චමල් සංජීව මහතා, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් තත්ත්ව පාලන රසායනාගාරයක් කඩිනමින් පිහිටුවීමට රජය අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරයි.

Related posts

රජයට අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් බැඳුම්කර වෙළඳපොලේ තිබෙන බව ගාමිණී විජේසිංහ කියයි

Shiran Viraj

ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…

Shiran Viraj

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයි

Shiran Viraj
Translate »